
කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස සේවය කරනු ලබන ආචාර්යවරයෙකු යාපනයට පැමිණ ඊයේ (25) දිනයේදී එම ප්‍රදේශයේ ගොවීන්ට හා විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට දේශනයක් කරමින් සිටි අතරවාරයේ දී හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පොන්නතුරෙයි රවිචන්ද්රනේෂන් නැමති 58 හැවිරිදි යාපනයේ ඉපිද පසුව කැනඩාවට ගොස් ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු සහ ආචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලැබූ අයෙක්.
යාපනය විශ්වවිද්‍යාලයේ ආරාධනයකට අනුව ඔහු උතුරු පළාතේ භූගෝලීය හා කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් දේශන කීපයක් පැවැත්වීම සඳහා යාපනයට මීට දින දහයකට පෙර පැමිණ තිබෙනවා.

එසේ පැමිණීමෙන් පසු යාපනය ප්‍රදේශයේ කෘෂිකාර්මික මධ්‍යස්ථානයක ඊයේ දින දේශනයක් කරමින් සිටින අතරතුර දී ඔහු එක්වරම බිම ඇද වැටී ඇති අතර, වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ නමුත් ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර, මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.
source :- https://tinyurl.com/4av662nx







