
කොළඹ බේරේ වැවේ සිටින තාරාවන් මිය යාමට හේතුව යම් රෝගී තත්ත්වයක් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පරීක්ෂණයක් සිදු කරන බව කොළඹ මහා නගර සභාව පවසනවා.
එහි ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරි මොහොමඩ් ඉජාස් සදහන් කළේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පසු විමර්ශණ කොට්ඨාශ මගින් සිදුකළ පරීක්ෂණයේදි කුරුණු උණ රෝගි තත්ත්වයක් මත මෙම තාරාවන් මියගොස් නොමැති බව අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව නිව් කාසල් රෝගී තත්ත්වය මත තාරාවන් මියගොස් ඇත්ද යන්න පරීක්ෂා කිරීම සදහා පේරාදෙණිය පශු පර්යේෂණ ආයතන වෙත සාම්පල යැවීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, මෙම තත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඉඩම් සංවර්ධන මණ්ඩලයෙන්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආචාර්ය නිමල ශාන්ත විජේරත්න සදහන් කළේ මියගිය තරාවුන් 13 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බවයි.
එමෙන්ම, මළ ප්‍රවාහන නලයක සිදු වු බිද වැටීමක් හේතුවෙන් එම අපද්‍රව්‍ය වැවට මුසුවීම බේරේ වැවේ දුර්ගන්ධය ඉහළ ගොස් තිබුණා.
එහි දුර්ගන්ධය පාලනය කිරීම සදහා, කොළඹ මහ නරග සභාව යෙදු යම් දියරයක් හේතුවෙන් මෙම තරාවුන් මිය ගියේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව එහ පිරිසිදු කිරීම්වල නිරත සේවකයින් කියා සිටියා.
කෙසේ වෙතත්, එම චෝදනාව කොලඹ නගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරි මොහොමඩ් ඉජාස් ප්‍රතික්ෂේප කළා.
source :- https://tinyurl.com/2hk2e9v7







