ඌව සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (25) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.

මේ අතර උතුරු සහ උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වෙනත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඌව, බටහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ අම්පාර, මඩකලපුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවයි සඳහන් වන්නේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

source :- https://tinyurl.com/bdd9khh8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here