රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ ආනයනික බහාලු‍ම් 323හි මත්ද්‍රව්‍ය හෝ නීතිවිරෝධී ද්‍රව්‍ය අඩංගු වුවහොත් එහි වගකීම රජය භාර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ඩිපෝ සංකීර්ණයේ නිරීක්ෂණයකින් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

ශ්‍රී ලංකා රේගුව පවසන්නේ එලෙස ආනයන බහලු‍ම් නිදහස් කිරීම හරහා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බවයි.

මේ අතර, රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව පසුගියදා මාධ්‍ය වෙත පැවසුවේ, බහාලුම් 323න් සියයට 80ක් රතු ලේබල් නිකුත් කර ඇති නමුත්, නිසි පරික්ෂාවකින් තොරව ඒවා මුදා හැර ඇති බවයි.

source :- https://tinyurl.com/4xpe2yuc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here