කොළඹ වරාය නගරය ආශ්‍රිතව අති නවීන ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට චීනය කැමැත්ත පළ කළ බව ජනාධිපති අනුර කුමාර පවසනවා.

ඊයේ (19) කටුකුරුන්ද ප්‍රදේශයේ පැවැති මහජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සම්පූර්ණයෙන්ම චීනය විසින් අරමුදල් සපයන ලද මෙම නව පහසුකම, ප්‍රමාණයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) අභිබවා යනු ඇති බවයි.

මේ අතර සිය සංචාරයේදී චීනය ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500ක (ආසන්න වශයෙන් රු. බිලියන 20) ප්‍රදානයක් ලබා දීමට පොරොන්දු වූ බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළා.

source :- https://tinyurl.com/yvs2kphk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here