වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා  සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (19) හොරණ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.

ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු ආරම්භක කාල පරිච්ඡේදයේදී වාහන මිල ගණන් උච්චාවචනයන්ට ලක්විය හැකි බවයි ජනපතිවරයා සඳහන්කර සිටියේ.

මිල ගණන් ස්ථාවර වූ පසු, රාජ්‍ය වියදම් විධිමත් කිරීම සහ අතිරික්තයන් අඩු කිරීම සඳහා අඛණ්ඩ පියවරවල කොටසක් ලෙස රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බවයි ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/ycx3pkmn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here