
ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේ බ්‍රිස්බේන් හීට් සහ හෝබාර්ට් හරිකේන්ස් තරගය අතරතුරදි බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රිඩාංගණයේ සුලු ගිනි ගැනීම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් ඊයේ පැවති එම තරගය මිනිත්තු කිහිපයකට නතර කිරීමටයි විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ.
ලකුණු පුවරුව ආසන්නයේ තබා තිබූ ඩි.ජේ සංගීත භාණ්ඩ ගිනි ගැනීමට ලක්වීමත් සමඟ ගින්න හටගැනුණා.

ගින්න පාලනය කිරීමෙන් අනතුරුව යලි තරගය ආරම්භ කෙරුණා.
කෙසේ වෙතත්, මෙම තරගය කඩුලු 5 කින් ජයගනු ලැබුවේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම විසින්.
source :- https://tinyurl.com/3xbdxae9








