උපත් පාලනයට යොමු වන පිරිස් අඛණ්ඩව ඉහළ යාම ද මෙරට උපත් අඩුවීමට ප්‍රබල හේතුවක් වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ සංවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ, 2019 වසර හා සැසදීමේදී 2023 වසර වන විට මෙරට උපත් ප්‍රමාණය සියයට 22.3 කින් පහළ ගොස් මරණ ප්‍රමාණය සියයට 23.1 කින් ඉහළ ගොස් ඇති බවයි.

2019 වසරේදී අලුතින් උපත් පාලනය සදහා යොමු වූ පිරිස 152, 552ක් ලෙස දැක්වුනද 2023 වසරේදී එය 266, 078 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු සදහන් කළා.

2019 වසර හා සැසදීමේදී ස්ථීර වන්ධ්‍යාකරණයට යොමු වූ පිරිස වසර 2023 වන විට දෙගුණයකින් ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න එහිදී සදහන් කළේ.

source :- https://tinyurl.com/fmthc7p3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here