
පවතින අධික වර්ෂාව හේතුවෙන් තවත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඒ අනුව අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකම මේවන විට විවෘත කර ඇති අතර රාජංගණය ජලාශයේ විවෘත කළ වාන් දොරටු සංඛ්‍යාව 08 දක්වා ඉහළ දමා ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයද වාන් මට්ටමට ලගාවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මීට අමතරව මින්නේරිය, මහ කනදරාව, ගිරිතලේ වැව, කවුඩුල්ල වැව, පරාක්‍රම සමුද්‍රය, කලා වැව, වෙහෙරගල, ලුණුගම්වෙහෙර, හුරුළු වැව මෙන්ම රත්කිඳ හා ඉරණමඩු ජලාශවල ද වාන් දොරටු විවෘත කර තිබෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල හෙට දිනයේදීත් තද වැසි ඇතිවිය හැකි බවයි.
source :- https://tinyurl.com/4n7pn4mx







