
චීන ව්‍යාපෘති සඳහා ගෙවීම් කරන අතරමැදියන් හෙළි කරන ලෙස දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිනවා.
‘X’ හි සටහනක් තබමිනුයි මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා ඇත්තේ.
අනාගතයේදී ශ්‍රී ලංකා අතරමැදියන්ට ගෙවීමට සිදු නොවන බව චීන සංචාරයේදී ජනාධිපතිවරයා විසින් චීන සංස්ථාවලට දැනුම් දීමට නියමිත බවයි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සඳහන් කරන්නේ.

එමෙන්ම අතීතයේ එවැනි ගෙවීම් ලැබූ එම අතරමැදියන් තවදුරටත් ප්‍රමාදයකින් තොරව නම් කිරීමට ජනාධිපති කටයුතු කළ යුතු බවටයි ඔහු අවධාරණය කළේ.
ජාතික ජන බලවේගය තම මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාවේ දූෂණය අවසන් කිරීම සඳහා එය බොහෝ වැදගත් වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
source :- https://tinyurl.com/3y4xvmc2








