
දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවනි සැසිය හෙට කොළඹ දී ආරම්භ වනවා.
රටවල් අතර කෘෂි වෙළඳාම ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුවට දකුණු ආසියානු හා අනෙකුත් කලාප නියෝජනය කරමින් කෘෂි ආහාර ක්ෂේත්‍රයට සම්බන්ධ නායකයින්, විශේෂඥයින්, ව්‍යාපාරිකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතයි.
මෙහිදී කෘෂි ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය මෙන්ම ධාන්‍ය, සහල්, සීනි, මාංශ බෝග, කුළුබඩු, උද්‍යාන අලංකරණ, ධීවර හා වැවිලි වැනි ක්ෂේත්‍රවලට අදාළ අන්තර් කලාපීය වෙළද කටයුතු පුළුල් කිරීම සදහා වන අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කරනු ඇති.

source :- https://tinyurl.com/5cpaswca







