තෛපොංගල් සැමරීම සදහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත නගර කරා පැමිණිමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා.

ඒ අනුව මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීමට කටයුතු සුදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, අද පස්වරුවේ කන්කසන්තුරේ සහ බදුල්ලේ සිට විශේෂ දුම්රිය වාර 03ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/4uy7km56

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here