කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද සුළං සහ මුහුද රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවයි.

එමෙන්ම, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමිටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු කාලයේ සහ රාත්‍රි කාලයේ තැනිත් තැන වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

source :- https://tinyurl.com/3aku936h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here