ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වි‍ශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා.

ඒ අනුව, පසුගිය 10 වනදා සිට මෙම දුම්රිය ධාවනයට එක්කළ බවයි දුමිරිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර පැවසුවේ.

එක් දුම්රියක් රාත්‍රී 07: 30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන් කරනු ඇති.

අනෙක් දුම්රිය පස්වරු 5: 40ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව වි‍ශේෂ නගරාන්තර දුම්රියක් අලු‍යම 5: 30ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය දක්වා ගමන් කරන අතර, පස්වරු 1: 50ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.

මේ අතර, තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් ගම්බ්මි බලා යන දමිළ ජනතාවට අවශ්‍ය තරම් බස් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/4atn7vsr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here