ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයේ සඳහන් වන්නේ කිසිදු අමාත්‍යවරයෙකුට, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට හෝ ආණ්ඩුකාරවරුන්ගේ ලේකම්වරයෙකුට විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ තානාපතිවරුන් සමඟ රැස්වීම් පැවැත්විය නොහැකිය යන කරුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (08) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි.

ඇමතිවරුන් ලෙස, අපි විදේශ තානාපතිවරුන් හමුවීමට, අපගේ අවශ්‍යතා සන්නිවේදනය කිරීමට සහ සහාය ලබා ගැනීමට පුරුදුව සිටින බවත් මෙම පුරුද්ද දැන් සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන්කර සිටියේ.

විදේශයන්හි සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සමඟ පෞද්ගලික සංචාර සඳහා සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ වැනි චක්‍රලේඛයේ සමහර ධනාත්මක අංශ ඔහු පිළිගත් අතර කෙසේ වෙතත්, පුළුල් සීමාවන් පිළිබඳව මන්ත්‍රීවරයා සිය කනස්සල්ල පළකර සිටියා.

පළාත් පාලන ව්‍යාපෘති සඳහා වෙනත් රටවල් සමඟ අරමුදල් සැපයීමට අතීතයේ දී පහසුකම් සැලසූ බවත්, එවැනි උත්සාහයන් පවා නතර කර ඇති බවත් මෙය දැන් උතුරු කොරියාව මෙන් වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.,” ඔහු පැවසීය.

මෙම ප්‍රකාශයට අදහස් දක්වමින්, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, තමන් මෑතකදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා හමුවූ බවත්, එවැනි සීමාවක් ක්‍රියාත්මක නොවන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර සඳහන් කළේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවත්, බිමල් රත්නායකට ඉක්මනින් දැනුම් දෙන බවයි.

එවැනි සීමාවන් රජයට සහ එහි අමාත්‍යවරුන්ට ගැටළු ඇති කළ හැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/w5cznjez

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here