
මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් 20%ක් පමණ අඩු වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක කේ.බී ගුණරත්න පවසනවා.
ඊට ප්‍රධාන හේතුව පොහොර නිසි වෙලාවට නොලැබීම හා පැවති ගංවතුර තත්ත්වය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ඉදිරියටත් රජයට අනිවාර්යෙන් ම සහල් ආනයනය කිරීමට සිදුවන බව ඔහු පවසනවා.

මේ දක්වා 85% ක්ම වගා කර ඇත්තේ නාඩු සහල් බවත් කීරි සම්බා හෙවත් බී ජී 360 වගා කර ඇත්තේ ඊට වඩා අඩු ප්‍රමාණයක් බවයි ඔහු පවසන්නේ.
මේ නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම සම්බා සහල්වල හිඟයක් ඇතිවන බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා පවසනවා.
ඒ අනුව ඉදිරි සිංහල අවුරුදු සමයේ සම්බා සහල් කිලෝවක මිල අධික ලෙස ඉහළ යනු ඇති බවයි ඔහු පවසන්නේ.
source :- https://tinyurl.com/5n8tc3pm







