ක්ලීන් ශ‍‍‍්‍රී ලංකා වැඩසටහනට සමගාමීව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මුහුණ පා ඇති ගැටලු‍ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද උදෑසන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ක්ලීන් ශ‍‍‍්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් බස් සංගම් ලෙස ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීමට අද සිය නියෝජිතයින් කොළඹට කැඳවා ඇති බවයි.

ක්ලීන් ශ‍‍‍්‍රී ලංකා වැඩසටහනට සමගාමීව දියත් කර ඇති විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම ඊයේ දිනයේත් පොලිසිය විසින් ක්‍රියාත්මක කළා.

මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති අතර රථ වාහන වැරදි පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම එහිදී සිදු වනවා.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය හරහා තමන්ට සිදු වන පීඩාවන් සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ මගීන් දක්වන්නේ මෙවන් අදහසක්.

ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ, අමතර කොටස් වර්ග 18 ක් සවි කිරීම සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නිත්‍යානූකූලව අවසර ලබා දී ඇති බවයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙලෙස අදහස් පළ කළා.

source :- https://tinyurl.com/4jjsk5dj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here