මෙම මස යෙදී ඇති තෛපොංගල් උත්සවය, පෙබරවාරියේ පැවැත්වෙන නිදහස් උත්සවය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරඇති බව නිවේදනය කරනවා.

ඒ අනුව, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ද මෙම විශේෂ දුම්රිය ධාවනය සිදුකිරීමට නියමිතයි.

එම විශේෂ දුම්රියන් ධාවනය කෙරෙන දිනයන් සහ වේලාවන් පහතින්,

විශේෂ දුම්රිය අංක 01 – කොළඹ කොටුව සිට බදුල්ල,

කො/ කොටුවෙන් පිටත්වීම – රාත්‍රී 07:30

ධාවනය කරනු ලබන දින – ජනවාරි 10, 12, 14, 17, 19, 24, 26, 31 සහ පෙබරවාරි 02, 04 යන දින,

විශේෂ දුම්රිය අංක 02 – බදුල්ල සිට කොළඹ,

බදුල්ලෙන් පිටත්වීම – සවස 05:40

ධාවනය කරනු ලබන දින – ජනවාරි 10, 12, 14, 17, 19, 24, 26, 31 සහ පෙබරවාරි 02, 04 යන දින

විශේෂ නගරාන්තර දුම්රිය (4021/4022) – කොළඹ කොටුව සහ කන්කසන්තුරේ,

කොළඹ කොටුවෙන් පිටත්වීම – අළුයම 05:30
කන්කසන්තුරෙන් පිටත්වීම – දහවල් 01:50

ධාවනය කරනු ලබන දින – ජනවාරි10, 13, 14, 15, 17, 20, 24, 27,31 සහ පෙබරවාරි 03, 04 යන දින

source :- https://tinyurl.com/2cj9mjfh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here