කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පෙරවරුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සිදුකරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා රජය විසින් ගෙන එනු ලබන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.

මේ අතර, 2020 වසරේ පැවති 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට වඩා මෙවර පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී, තේ පැන් සංග්‍රහවල වියදම් ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ මීට අදාළව පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදි ඒ සදහා රුපියල් දෙලක්ෂ 87,340ක මුදලක් වැය වී තිබුණද මෙවර එනම් 10 වැනි පාර්ලිමේන්තු මංගල සැසියේ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් තුන් ලක්ෂ 39,628.55ක මුදලක් වැය වී ඇති බව එහි දැක්වුණා.

අදාළ කාලය තුළ වෙළෙඳපොළේ සිදු වූ මිල උච්ඡාවචනයන් මෙන්ම, ආර්ථික පසුබෑමත් සමග භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම ඊට හේතු වී ඇති බව අදාළ නිවේදනයේ සදහන්.

source :- https://tinyurl.com/peamef8f

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here