2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් දැනටමත අවසන් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

අදාල වන්දි මුදල් නිර්දේශිත වූ ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනූව මේ වනවිට ගොවීන් 6,459ක් සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් ගෙවා තිබෙනවා.

එමෙන්ම වගා හානි නිර්දේශිත වී ඇතත් මෙතෙක් එම මුදල් ගිණුම් ගත නොවූ ගොවීන් සිටීනම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට අවස්තාව තිබෙන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

මේ අතර ගෙවා අවසන් නොවූ දිස්ත්‍රික්වල වන්දි මුදල කඩිනමින් ගෙවීමට කටයුතු කෙරෙමින් තිබෙන බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.

source :- https://tinyurl.com/5y3zem38

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here