
රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්රී සළෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ඉදිරියේදී ප්රකාශයට පත්කරන බවත් කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලී නියෝග කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ, ටොරින්ටන් ඇවනිව්හි පිහිටි ඉඩමක් පවරා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදලින් කොටසක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත්දා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

source :- https://tinyurl.com/mukx37ph








