ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සිදුකෙරෙන බස් රථ පරික්ෂාව හේතුවෙන් සිය කර්මාන්තය ගැටලු‍ රැසකට මුහුණපා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීම සඳහා බස් සංගම් නියෝජිතයින් පොලිස්පතිවරයා හමුවීමට තීරණය කර තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කර ඇති විශේෂ රථ වාහන පරීක්ෂාව ඊයේ දිනයේ ද ක්‍රියාත්මක වුණා.

මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති අතර, රථ වාහන වැරදි පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදුවනවා.

එළැඹෙන 19 වැනිදා දක්වා සති දෙකක කාලයක් රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, පොලිසිය සිදුකරන පරික්ෂා කිරීම් හේතුවෙන් තම රැකියාව සිදු කරගෙන යෑමේ ගැටලු‍වක් මතුව ඇති බවයි බස් සංගම් ප්‍රකාශ කළේ.

පොළොන්නරුව ප්‍රාදේශීය බස් රථ ධාවකයින් පැවසුවේ මේ සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් අනිද්දා සිට බස් ධාවනයෙන් ඉවත් වන බවයි.

source :- https://tinyurl.com/5n8t9fuc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here