රුහුණු කතරගම මහා දේවාලයේ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ ළමා ඒකකය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පළකළ අදහස් සම්බන්ධයෙන් සමාජය තුළ මතභේදයක් උද්ගත වී තිබෙනවා.

පාර්ශව රැසක් පෙන්වා දෙන්නේ, අර්බුද රැසකට මුහුණ පා ඇති මෙරට සෞඛය පද්ධතියට ජනතාවගෙන් ලැබෙන පරිත්‍යාග නිසි පරිදි කළමනාකරණය කරගත නොහැකිනම් එහි වරද සෞඛ්‍ය බලධාරීන් භාරගත යුතු බවයි.

මෙරට රජයේ රෝහලක් තුළ ඉදි වූ පළමු ළමා ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා රෝහලේ දී ඊයේ (02) විවෘත කෙරුණා.

රුහුණු මහා කතරගම දේවාලයට ලැබුණු ආධාර මුදල් රුපියල් මිලියන 176ක් වැයකොට ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ එය විවෘත කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා පළකළ අදහස් සම්බන්ධයෙනුයි මෙසේ දැඩි විරෝධයක් මතුවෙමින් තිබෙන්නේ.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් එල්ලවන්නේ දැඩි විරෝධයක්.

source :- https://tinyurl.com/mpfe7xa5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here