පැවති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සදහා ඉදිරියේදී නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඒ අනුව, එම වෙබ් අඩවියේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කළේ.

මෑතකදී සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති නමුත් අදාළ සයිබර් ප්‍රහාරය කුමන පාර්ශ්වයක් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව ද ඔහු කියා සිටියා.

මේ අතර, රජයේ වෙබ් අඩවි, සයිබර් ප්‍රහාරවලට ලක්වීම වැළැක්වීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමටද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පසුගිය මස 30 වන දින රාත්‍රියේ පොලිස් දෙපාර්තමේන්තුවේ යූ ටියුබ් නාලිකාවට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

source :- https://tinyurl.com/bd5mby3t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here