
දකුණු කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඩිස්නිලන්තයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි ෆුලර්ටන් නාගරික ගුවන් තොටුපළ ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
යානය කඩා වැටීමත් සමඟ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල ද ගිනි ගෙන තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් එහි කම්කරුවන් වන අතර මිය ගිය දෙදෙනා කවුරුන් ද යන්න නිශ්චිතව තොරතුරු අනාවරණය වී නැහැ.
source :- https://tinyurl.com/4d2et53v








