කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් යට තිබී හඳුනානොගත් මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කරනවා.

කිලිනොච්චිය ඒ- 35 මාර්ගයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ 10 කණුව ස්ථානයේ පිහිටි ඉදිකරමින් පවතින පාලමක් තුළ තිබී අදාළ මළසිරුර දිත්වය ප්‍රදේශවසියෙකු දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මළසිරුරු තිබූ ස්ථානය පරික්ෂා කර ඇති අතර, මළසිරුරු තිබූ ස්ථානයේ තිබී හෙල්මට් දෙකක්ද සොයාගෙන තිබෙනවා.

මියගිය අයගේ මළසිරුරු ගොඩට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයින් දෙදෙනා කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, අනතුරකින් ද එසේ නැතිනම් ඝාතනයක්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම කිලිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය මරණ පරික්ෂණයක් සිදු කිරීමට නියමිත අතර, කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

source :- https://tinyurl.com/8d7kw2ac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here