පිලිපීනයේ – ලු‍සොන් ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6 ක භූ කම්පනයක් හටගත්තා.

මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයට විහිදී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති අතර, පිලිපීන කාලගුණ ආයතනය පෙන්වා දෙන්නේ භූමිකම්පනයෙන් තවත් පසු කම්පන ඇති විය හැකි බවයි.

ගිනිකඳු ක්‍රියාකාරකම් සහ භූමිකම්පා නිතර සිදුවන පැසිෆික් සාගරයේ පිහිටා ඇති පිලිපීනය භූ කම්පන බහුලව සිදුවන රටක්.

source :- https://tinyurl.com/ypf43n8r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here