දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 179 දක්වා ඉහල ගොස් තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 181 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දිවි ගලවා ගැනීමට හැකි වී ඇත්තේ දෙදෙනෙකුට පමණයි.

මෙම අනතුර හේතුවෙන් දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුආන් දක්වා ගමන් ඇරඹු මෙම ගුවන් යානයේ එක් එන්ජිමක පිපිරීමක් සිදුව තිබුණේ මුආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඉහළ අහසේදියි.

පිපිරීමට හේතුව ගුවන් යානයේ එන්ජිමට කුරුල්ලෙකු වැදීම නිසා බවයි අනුමාන කර ඇත්තේ.

කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස වීමේදී රෝද පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීම නිසා යානය ධාවන පථය දිගේ ඇදී ගොස් ආරක්ෂිත බැම්මේ වැදී අනතුර සිදුව තිබූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එම අවස්ථාවේ යානයේ අඩක් කැඩී ගොස් ගිනි ගැනීමට ලක්ව තිබුණා.

source :- https://tinyurl.com/2s3wwfh2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here