
ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහගේ ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත්, රනිල් වික්‍රමසිංහ ගියපු වැල් පාලමේ ඉතුරු කොටසේ මේ අය යන බව පෙනෙන බවත්, සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ හිරු ප්රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.
එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු මෙසේද පැවසුවා.

මේ දවස්වල ඔබතුමාගේ තොරතුරු මොනවාද?
මේ දවස්වල මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා. මම 2010 ඉඳන් 2024 වෙනකම් පාර්ලිමේන්තුවේ හිටියා. නමුත් මෙවර ජනතාව මාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ පාර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තුන්දෙනයි ආවේ මම පස්වෙනියා. ඉතින් මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා පක්ෂයේ සංවිධානය කටයුතු සමඟ.
මෙවර සිදුවුණු දේශපාලන පෙරළිය ගැන මොකද හිතන්නේ?
විශාල බලාපොරොත්තු රාශියක් එක්ක රට හදන්න ජාතික ජන බලවේගයට ජනතාව සහයෝගය දුන්නා. මගේ පුද්ගලික මතය නම් ජාතික ජන බලවේගය මෙවර ආණ්ඩුවක්වත් ජනාධිපති ධුරයවත් බලාපොරොත්තු වුණේ නැහැ. එයාලා බලාපොරොත්තු වුණේ 2029 වසරයි. නමුත් ජනතාව ඉස්සර වෙලා මේ අයට බලය ලබා දුන්නා. ජාතක ජන බලවේගය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එක්වුණ කණ්ඩායමක්. ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ තිබුණේ ලක්ෂ හතරක පහක ඡන්ද ප්‍රමාණයක්. මහ මැතිවරණයේදී ලක්ෂ 64ක්ම ඡන්දය දුන්නේ වෙන පක්ෂවල අයයි. ඉතින් ඒ අයගේ බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද වෙන පක්ෂවල හිටියේ අය ඒ අයගේ බලාපොරොත්තු ඉටු නොවුන නිසයි මේ පක්ෂයට බලය දුන්නේ. ඉතිං ඕනම ආණ්ඩුවකට බලය දුන්නට පස්සේ අවුරුද්දක් දෙකක් යනවා ඒගොල්ලන්ට වැඩකටයුතු කරන්න. ඒ අය දැන් කරගෙන යනවා. ඉතිං අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි බලමු ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරයිද කියලා. මොකද අපි දැක්කා පසුගියදා පාර්ලිමේන්තුවට තේරුණු මන්ත්‍රීවරියක් කියනවා “බලය ගන්න බොරු කියන්න ඕනේ, බොරු කියන එක අයිතියක් ඇත්ත බොරුව කරන එකත් බොරුව ඇත්ත කරන එකත් දේශපාලනඥයින් කරන්න ඕනේ” කියලා. හැබැයි එහෙම එකක් මේ රටේ ප්රජාතන්ත්රවාදයේ නීතිය තුළ නෑ. ඉතිං කොහොම වුනත් ඒ අය බොරුව ඇත්ත කරන විදියට කතා කරල බලය අරන් තියෙනවා. ඇත්ත හෝ බොරු ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරන එක ඒ අයගේ වගකීමක්. ඒ නිසා ඒකට අවුරුද්දක් දෙකක් කාලය දෙන්න ඕනේ කියන එකයි මගේ මතය.
ඔබතුමාම කිව්වා මහ මැතිවරණයේදී ඔබතුමන්ගේ පාක්ෂිකයන් ඔබව ප්‍රතික්ෂේප කරා කියලා, ඇයි ඔවුන් එහෙම කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයට ඔබ මොනාවත්ම කරලා නැද්ද?
මම 2010 තමයි එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට මුලින්ම ඉල්ලුවේ. එකල ඉතා කෙටි කාලෙකින් ජනතාව මාව පත් කළා. ඒ වෙලාවේ මම හතරවෙනි ස්ථානය ලැබුවා. ඊට පස්සේ 2015 වසරේ අපි ආණ්ඩුව ගන්නකොට තරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළේ මගේ කුරුණෑගල ආසනය සහ මාවතගම විතරයි. මම 2010 දී ගත්ත ඡන්ද ප්‍රමාණය දෙගුණයටත් වඩා වැඩියෙන් මට 2015 දී ලබා දුන්නා. ඊට පස්සේ 2020 දී අපි සමගි ජනබලවේගය හදද්දි මන්ත්‍රීවරුත් හතර දෙනයි තේරී පත් වුනේ මං තුන්වෙනි ස්ථානය. ඉතිං මෙවර මැතිවරණයට සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු තුන්දෙනයි තේරීපත් වුණේ. මම පස්වෙනි ස්ථානය. ඉතිං කොහොම වුනත් මම හිතෙනවා ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියලා තියෙනවා වැඩිපුර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාදෙන්න. ඒකයි මම කිව්වේ ජනතාව අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා. කොහොම වුණත් ඒ ජනතාව දීපු උත්තරයට අපි හිස නමනවා. එනිසා මම දැන් මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. දේශපාලනයෙන් නම් ඉවත්වීමක් වෙලා නැහැ. මේ ආණ්ඩුව රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම, නොකිරීම අනුව අපේ දේශපාලනය තීරණය වෙයි.
සමගි ජන බලවේගය මැතිවරණය ජයග්‍රහණය කරනවා කියලා රටේ ආන්දෝලනාත්මක කතිකාවක් ඇති කළා. එහෙත් පරාද වෙන්නයි වුණේ, මේ පරාජයත් සමඟ නැවත සමගි ජනබලවේගයට නැගිටීමක් තියෙයිද?
එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු තිස් ගාණක් හිටිය නායකයා විදියට රනිල් වික්‍රමසිංහට ඒ පක්ෂයේ ජයග්‍රහණය කරවන්න බැරි වුණා. හැම මැතිවරණයේදීම පරාජය වීමත් එක්ක එන්න එන්න ඡන්ද අඩු වුන. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි 2020 දී සමගි ජන බලවේගය හැදුවේ. සමගි ජන බලවේගය හදලා මාස හයක් ඇතුළත අපිට පුළුවන් වුනා ලංකාවේ ප්‍රධාන විපක්ෂය වෙන්න. ඉතිං මේක තවම අවුරුදු හතරක් වුණ අලුත් පක්ෂයක්. මොකද දැනටමත් ජාතික ජන බලවේගය ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහගේ ලිබරල් ප්‍රතිපත්ති. ඉතිං අපිට හදිස්සියක් නැහැ. අපි හදිස්සියක් නැතුව ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙනවා.
ඔබතුමා කියන විදියට අනුර කුමාර ජනාධිපතිවරයාත් ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ප්රතිපත්තිද?
ඔව්. දැන් බලන්න PAY E Tax එක 150,000 කරන්න රනිල් වික්‍රමසිංහ පොරොන්දු වෙලා තිබුණා. ඉතිං දැන් මේ අය කරන්නේ ඒක ක්‍රියාත්මක කරන එක. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අයින් වෙනවා කියලා කිව්වා ඒත් දැන් ඒ අය ඒකම කරගෙන යනවා. ඒ වගේම වාහන ආනයටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිව්ව දේවල් තමයි මේ ගොල්ලන් පෙබරවාරෙ ඉඳලා ක්‍රියාත්මක කරන්න ඉන්නේ. මේ අය බලයට එන්න කලින් කිව්වා අපි හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නෑ කියලා. ඒත් හාල් දැන් මෙට්‍රික් ටොන් ගණන් පිටරටින් ගේනවා. එතකොට විදුලි බිල 30%කට වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා කිව්වා. ඒත් දැන් මාස 06ක් යනකන් අඩු කරන්නේ නෑ කියනවා. ඉන්ධන මිලට කිව්ව රුපියල් 100ක බද්දක් ගහනවා අපි ආවම 160ට දෙනවා කියලා. දැන් ඒක කෙරුවෙත් නෑ. උගණ්ඩාවට අරන් ගිය සල්ලි ගේනවා කිව්වා. දැන් ගේන කතාවක්වත් නෑ. එතකොට මහ බැංකුව මහදවල් මංකොල්ලකාපු අයව පැය 48න් අල්ලනවා කිව්වා. දැන් ඒ ගැන කතාවක්වත් නෑ. මේ අය දැන් මේ කියපුවද කරන්නේ. ජනතාව මේ සියල්ල බලාගෙන ඉන්නේ. ඒ කාලේ නාමල් කරුණාරත්න කිව්වා වගා හානි වලට රුපියල් ලක්ෂයක් දෙනවා කියලා. දැන් කියනවා රුපියල් 40,000යි දෙන්නේ ඒකත් දෙන්නේ පීදෙන ගොයමකට විතරයි කියලා. ඉතිං ගොවි ජනතාවත් රවට්ටලා තියෙනවා. පාරිභෝගිකයත් රවට්ටලා තියෙනවා. හැම අංශයකම ජනතාව රවට්ටලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ 2022 දී බලයට පත්වුණාම කරගෙන ගියපු දේවල් ටිකම තමයි කරගෙන යන්නේ. කොහොම වුණත් අපිට පේන්නේ රනිල් වික්‍රමසිංහ ගියපු වැල් පාලමේ ඉතුරු කොටසේ මේ අය යනවා කියලා.
සමගි ජන බලවේගය පරාද වුණේ ඇයි කියලද ඔබතුමන්ලා හිතන්නේ?
ජනාධිපතිවරණයක් පැරදුණාට පස්සේ ඊළඟට එන මහමැතිවරණය පරාද වෙන එක සාමාන්‍යයි. මෙතෙක් තිබුණ ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණයේදී දිනට පැත්තටත් පරදින පැත්තටත් ඡන්ද අඩුවෙනවා. හැබැයි මෙවර ජාතික ජන බලවේගයට ඡන්ද වැඩිවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ජනතාවට විශාල බලාපොරොත්තු දීම. එහෙම වුනාම ජනතාවත් හොරු කියල හිතන අයට නොදී ජාතික ජනබලවේගයට ඡන්දය දෙන්න පෙළඹුණා. ඒත් ඔය කියන තරම් හැමෝම හොරුද. හැබැයි මම ව්‍යාපාරිකයෙක් මම දේශපාලනයට ඇවිල්ලා මගේ පුද්ගලික සල්ලි ලක්ෂ 1000ක් විතර වියදම් වෙලා තියෙනවා. එතකොට මම මගේ පුද්ගලික සල්ලි වලින් කුරුණෑගල ආසනයේ දුප්පත් අයට ගෙවල් 20ක් හදලා දීලා තියෙනවා. ඉතින් අපි දේශපාලනඥයෝ කියලා අපි රජයේ සල්ලි වලින් යැපෙන්නේ නැහැ. ඒ නිසා අපි සමගි ජන බලවේගය දිගටම අපේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට තේරෙනවා තරුණ ප්‍රජාව අපෙන් ඈත් වෙලා කියලා. අපේ පරාජයට එයත් හේතුවක්. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට ජාතික ජන බලවේගය විසින් ලබාදුන් පොරොන්දු අනුව ඔවුන් රැවටීම අපිට පේනවා. මධ්‍යම පාන්තිකයන් සහ ඉහළම මධ්‍යම පාන්තිකයන් අපේ පක්ෂය පිළිබඳව සෑහීමකට පත්වෙලා නෑ කියලා අපිට පේනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් හැදුනු කණ්ඩායමක්නෙ අපි. ජාතික ජන බලයවේගය විසින් ජනතාවට කියලා තියෙනවා දේශපාලනඥයෝත් දූෂිතයන් දූෂණ වංචා කරපු අයට දඬුවම් දෙන්න ඕනේ, ඔවුන් අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. දේශපාලනඥයන් කෙරෙහි විශාල වෛරයක් ඇති කරවලා. වෛරයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඔවුන් ජයග්‍රහණය ලබා ගත්තේ.
පරාජයෙන් පසු පක්ෂයක් වශයෙන් පසු සාකච්ඡා පැවැත්වූවාද?
මූලික වශයෙන් සංවිධායකවරුන් ගෙන්වලා අපේ නායකතුමා කතා කළා. අපි පක්ෂය පරාද වීමට හේතු හොයලා තියෙනවා. අපි නායකතුමත් එක්ක සහ ආදාළ කණ්ඩායම් එක්ක ඒ ගැන කතා කරලා තියෙනවා. ඉදිරියේදී අඩුපාඩු හදාගෙන ඉදිරි මැතිවරණයට තරග කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතිහාසයේ අපි දැකපු ජනතාවට වැඩිම සේවයක් කළ නායකවරයා තමයි සජිත් ප්‍රේමදාස මහතා පරාද වුණේ දේශපාලනික වශයෙන් හොඹවා ඇති තනතුරු අතින් ආධුනිකයෙකුට ඔබ හිතන විදියට එසේ පරාද වුණේ ඇයි?
ඒකට හේතුව තමයි ජනතාව ඒ කරපු වැඩ ගැන තේරුම් ගත්තෙ නැති එකයි. තේරුම් කරලා දුන්නත් ඒ අය තේරුම් ගන්නේ නෑ. ඒ අය කියන්නේ 225ම හොරු කියලයි. මොනවද මේ ආණ්ඩු කරලා තියෙන්නේ කියලා තමයි ඒ අය ඇහුවේ. 1948 නිදහස ලබද්දි මේ රට තිබුන තැනයි දැන් තියෙන තැනයි කොච්චර වෙනස්ද. මේ රටේ මහවැලිය හදලා කෘෂිකර්මය සශ්‍රීක කළේ කවුද, එතකොට ගොවි ජනපද බිහි කළේ කවුද, වෙළෙඳපොළ ආර්ථිකය ගෙනාවේ කවුද, මේ ඔක්කොම ගෙනල්ලා මේ රට මේ වගේ තාත්මකට පත් කළා. මේ රට මැදි ආදායම්ලාභී රටක් බවට පත්කරලා තියෙනවා. දැන් ඒක පුද්ගල ආදායමත් වැඩි කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා ජනතාව වෙනුවෙන්. අපිත් අපේ ආසන වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. දැන් මෙවර ජයග්‍රහණය කරලා තියෙන අපේක්ෂකයන් බලන්න කුරුණෑගලින් දොලෙස් දෙනෙක් දිනලා තියෙනවා. ඒ අය මොනාද රටේ ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ. කිසිම දෙයක් කරල නැහැ. සමහර අයව කවුරුත් දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ. ඇත්තම කියනවා නම් මේ 12 දෙනාගෙන් මම අඳුරන්නේ දෙන්නයි. අනිත් කිසිම කෙනෙක් මම දන්නේ නැහැ. ජනතාවත් එහෙමයි. ඒ වගේම ජනතාව ඒවා ගැන හිතුවෙත් නැහැ. වැඩ කරන ඒවා ගැන හිතුවෙත් නැහැ. දූෂණ වංචා ගැන කතා කරලා මුං ඔක්කොම හොරු මේවා වෙනස් කරන්න ඕනේ කියල ජනතාව අතර මතයක් පැතිරුණා. ජනතාවට වැඩ කරන රජයක් ඕන වුණේ නැහැ. එහෙම වුණානම් වැඩ කරපු රජයක් පරාද වෙන්නේ නැහැනේ. මේ ආණ්ඩුවවේ ඉන්න එක්කෙනෙක්වත් මොනවද රටට කරලා තියෙන්නේ. මෙහෙම නොදන්න අයට ජනතාවම ඡන්දය දුන්නා. හැබැයි ජනතාවට ඉස්සරහට තේරෙයි තමන්ගේ වැඩ කටයුතු කොහොමද කරගෙන යන්නේ කියලා. ඉතිං මං හිතන්නේ නැහැ සජිත් ප්‍රේමදාස තරම් විපක්ෂයේ ඉඳන් ජනතාවට සේවය කළ නායකයෙක් ඉන්නවා කියලා. කුරුණෑගල දිස්ත්රියකටත් මම දුම්රිය ස්ථාන නවීකරණය කිරීම පාරවල් කාපට් කිරීම ආදී විශාල වැඩ කොටසක් කළා. හැබැයි ජනතාව ඒක ගණන් ගත්තේ නැහැ. ඒකට ඉතින් ජනතාවට මොකුත් කියන්නත් බැහැ. ජනතාවගේ මොළේ විකෘති වන විදියට බොරු ප්‍රචාරය කරලා තියෙනවා.
ඉදිරි දේශපාලන කටයුතු කොහොමද? දිගටම සමගි ජනබලවේගය නමින්ම තරග කරනවාද? නැතිනම් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට අදහසක් තියෙනවාද?
සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තනි පක්ෂයක් විදියට දේශපාලන ගමන් මග ගියොත් හොඳයි කියන මතයේ මම ඉන්නවා. සමගි ජනබලවේගය කියන්නේ මන්ත්‍රීවරු 40ක් ඉන්න පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු වෙන්නේ එක් මන්ත්‍රීවරයෙක් විතරයි. ඒ නිසා එක හතළිහ ළඟට එනවා මිසක් හතළිහ එක ළඟට යන්නේ නැහැ. එතකොට දැන් මේ රටේ ප්‍රධාන පක්ෂය බවට පත්වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි සමගි ජනබලවේගය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා කරලා, ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජනබලවේගය පිළිඅරන් ඊට පස්සේ සාකච්ඡා කරලා මොකක්ද නම මොකක්ද සලකුණ කියලා පස්සේ තීන්දු කරන්න පුළුවන්. හැබැයි ඒක මූලික සාකච්ඡා වෙන්න ඕනේ සමගි ජනබලවේගය ප්‍රධානත්වයෙන්.
මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නේ දේශපාලනඥයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඒ ගැන මොකද හිත්න්නේ, ඔබතුමාටත් ආචාර උපාධියක් තියෙනවද?
මට එහෙම මුකුත් ආචාර උපාධියක් නැහැ. මම සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙනවා. උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා. මෙහෙමයි දේශපාලනඥයෙක් වෙන්න ආචාර උපාධිම ඕනේ නැහැ. කථානායක වෙන්නත් ආචාර උපාධියක් ඕනේ නැහැනේ. හැබැයි ඒ අය කිව්වේ ඉගෙන ගත්තේ නැති අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. හොඳට ඉගෙන ගත්ත අය, ආචාර උපාධි තියන අය, වෛද්‍යවරු ගේන්න ඕනේ කියලා තමයි ඒ අය කිව්වේ. ලංකාවේ තුන්වෙනි පුරවැසියත් ආචාර උපාධි තියෙනවා කියලා කළ විකෘතිය බලන්න. ඒ තුළින්නෙ මේ ප්රශ්නය පැන නැගුනේ. මට ආරංචි වුණ විදියට ඔවුන් ඇතුලේ දහයක් පහළොවක් ඉන්නව හොර ආචාර උපාධි තියෙන අය. ඒ අය ගැන හොයන්න ඕනේ. කොහොම උනත් තමන්ගේ තියෙන අධ්‍යාපන සුදුසුකම් හංගලා ඇවිල්ලා මේක කරන්න බැහැ. ඒ නිසා ඒක ගැන හොයලා බැලුවොත් හොඳයි කියලා මම හිතනවා.
මේ දවස්වල තව ප්‍රශ්නයක් තමයි රිලා ප්රශ්නය, ඔබතුමා හිතන්නේ රිලව් රට යවන එකද වන්ද්‍යකරණය කිරීමද මෙම ගැටලුවට සාර්ථක විසඳුම?
මේ රිලා ප්රශ්නය ඒ දවස්වල ඉඳන්ම තිබුණා. දැන් ටිකක් රිලව් ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. ඒ දවස්වල ඉඳන් රිලව් වගා බෝග හානි කරා. හැබැයි පරිසරවේදීන් කියන්නේ මේ වන්ද්‍යකරණය කියන්නේ සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා. දැන් රිලව් වන්ද්‍යකරණය කරලා බෝ උනේ නැතිවුණාට කරගෙන යන විනාශය දිගටම කරගෙන යනවනේ. ලංකාවේ ඉන්න ඔක්කොම වන්ද්‍යකරණය කරන්න බෑනේ. එතකොට පිටරට යවන එක සම්පූර්ණයෙන්ම බොරුවක් එහෙම රිලව් පිටරට යවන්න බැහැ. රටවල් අතර සත්තු හුවමාරු කරන ක්‍රමයක් තියෙනවා. ඔය ලක්ෂයක් පිටරට යවනවා කියන එක අමූලික බොරුවක්. ඒක වෙන්නේ නැති වැඩක්. හැබැයි අපිට ආරංචි වෙලා තියෙනවා වෙන රටවල් වල රිලවුන්ගේ මස් කනවා කියලා. එහෙම ඒවට මොනා හරි කෙරුවද දන්නේ නැහැ. ඒ නිසා පිටරට යවන එකයි වන්ද්යකරණයයි සම්පූර්ණ අසාර්ථක දෙයක්. හැබැයි මේකට පරිසරවේදීනුත් එකතු කරගෙන යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ.
අවසාන වශයෙන් ආණ්ඩුව ගැන මොනාද කියන්න තියෙන්නේ?
මේ රජය ගැන දැම්ම කියන්න බැහැ මොකද තාම පත්වෙලා මාස දෙකක්වත් නැහැ. ඒ වගේම ජනාධිපති පත්වෙලත් වැඩි කාලයක් නැහැ. ඒ වගේම ඕනෑම රජයක් පත්වුණාම අඩුම තරමේ මාස හයක් අවුරුද්දක් ගියාට පස්සේ තමයි හොඳ නරක ගැන කියන්න පුළුවන් වෙන්නේ. මම කිව්වේ තාම පරණ අඩි පාරෙමයි යන්නේ කියලා. ඒ අය ගෙනාපු ප්‍රතිපත්තිය එක්කම ඉස්සරහට යනවා. එනිසා මොවුන් හොඳ ද නරකද කියන්න තව අවුරුද්දක්වත් කාලය ලබා දෙන්න ඕනේ.
source :- https://tinyurl.com/bde652yz








