සහල් හිඟයට විසදුමක් ලෙස රජය ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට පැමිණිමට නියමිත බව වාර්තා වනවා.

එහිදි සහල් මෙට්‍රික් ටොන් 5,200ක ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍යංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, අදාළ නෞකාව දිවයිනට පැමිණෙන බව මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කෙරුණත් එම නෞකාව පැමිණ තිබුණේ නැහැ.

මේ අතර, සහල් ආනයනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වන විට අසාර්ථක වී ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර චෝදනා කළා.

ඒ එම පක්ෂ කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

source :- https://tinyurl.com/297xmdth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here