රට තුළ කිසිඳු ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ කිසිවක් නොමැති බවත්, පැවති අස්ථාවරභාවයන් හා දේශපාලන ඇඟිලි ගැසීම් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සෘජුව බලපා ඇති බවත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනෝජ් වීරසිංහ පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඖෂධ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට පාර්ශ්ව රැසක් ප්‍රතිචාර දක්වා සිටියා.

මේ අතර, රට තුළ ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යය වෛද්‍ය හංසක විජයමුණි ප්‍රකාශ කළා.

මහනුවර ජාතික රෝහලේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, ඖෂධ හිඟයට හේතුව එම මාෆියාව බවයි.

source :- https://tinyurl.com/2ryc2y44

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here