චීනය විසින් නිර්මාණය කර ඉදිකරන ලද ගැඹුරු මුහුදේ බහුකාර්ය පර්යේෂණ සහ පුරාවිද්‍යාත්මක නෞකාවක් වන Tansuo 3 නෞකාව අද (27) දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ගුවැන්ෂුහි නන්ෂා සිය ප්‍රථම ගමන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නෞකාව ගෝලීය ගැඹුරු මුහුදේ ගවේෂණය කිරීමට සහ ධ්‍රැවීය ප්‍රදේශවල මිනිසුන් සහිතව ගිල්විය හැකි මෙහෙයුම් සඳහා සහාය වීමට හැකියාවක් ඇති චීනයේ පළමු සර්ව-කාර්ය පර්යේෂණ නෞකාව වෙනවා.

මීටර් 104ක දිගකින් සහ මෙට්‍රික් ටොන් 10,000ක පමණ විස්ථාපනයකින් යුත් මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 29.6ක් වන අතර, තනි ගමනකදී කිලෝමීටර 27,800ක් පමණ යාත්‍රා කළ හැකි බවටයි සඳහන් වෙන්නේ.

එමෙන්ම එය නාවිකයින් 80 දෙනෙකු සහ විද්‍යාත්මක උපකරණ ක්‍රියාකරුවන් විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම නෞකාව සන්යා ආයතනය, චීන රාජ්‍ය නැව් තැනීමේ සංස්ථාවේ ගුවැන්ෂු නැව් තටාක ජාත්‍යන්තර සමාගම සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල පර්යේෂකයින් විසින් ඒකාබද්ධවයි නිර්මාණය කර ඇත්තේ.

චීන ආයතන, විශ්ව විද්‍යාල සහ ව්‍යවසායන් 100කට වැඩි ප්‍රමාණයක් නෞකාවේ පර්යේෂණ, සංවර්ධනය සහ ඉදිකිරීම් සඳහා දායකත්වය ලබාදී තිබෙනවා.

නිර්මාණකරුවන් සහ ඉංජිනේරුවන් ව්‍යාපෘතිය හරහා නව තාක්ෂණයන් සහ උපකරණ රාශියක් සංවර්ධනය කළ බවයි සන්යා ආයතනය සඳහන් කර ඇත්තේ.

පසුගිය ඔක්තෝබර් මස අග දී නෞකාව දින අටක අත්හදා බැලීමකට භාජනය වූ අතර, පසුව අවසාන උපකරණ ස්ථාපනය කිරීම සඳහායි නැව් තටාකය වෙත නැවත පැමිණ තිබෙන්නේ.

ගැඹුරු මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ, පුරාවිද්‍යාත්මක පරීක්ෂණ, ධ්‍රැවීය කලාපවල ගිම්හාන විද්‍යාත්මක ගවේෂණ යනාදිය සිදු කිරීමට හැකි වන පරිදි, Tansuo 3 නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම එය මිනිසුන් සහිතව ගිල්විය හැකි,සියලුම සාගර පරිසරයන් ආවරණය කිරීමට සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් කටයුතු කිරීමට හැකි බවටයි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/44twae9z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here