මුදල් ආරවුලක් විසඳීමට පැමිණිල්ලට වාසිවන අයුරින් කටයුතු කිරීම සඳහා රුපියල් 5,000 ක අල්ලසක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමල පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට අනුයුක්ත ප්‍රජා පොලිස් ඒකකයේ සැරයන්වරයකුයි ඊයේ (23) අල්ලස් ගනිද්දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/mt7zba4p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here