
2024 නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන අදායම ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක සුළු වැඩිවීමක් පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා.
තවද දත්තවලට අනුව, නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඩොලර් මිලියන 943.1 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6%ක පහත වැටීමක් පිළිබිඹු කරයි.
මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රබර් ආශ්රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ආහාර පාන සහ මුහුදු ආහාර අපනයනයෙන් ලැබෙන ආදායම අඩුවීමයි.

කෙසේ වෙතත්, 2024 නොවැම්බර් මාසය සඳහා සේවා අපනයනය ඩොලර් මිලියන 326.23ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2023 එම කාලපරිච්ඡේදයට වඩා 20.89%ක වැඩිවීමක් පිළිබිඹු කරයි.
මේ අතර, ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේදී වාර්ෂිකව 0.54% කින් (වසරින් වසර) ඩොලර් මිලියන 397.19 දක්වා ඉහළ ගොස් තිබුණා.
මීට අමතරව, 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ නොවැම්බර් මාසයේදී අමෙරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය පිළිවෙලින් 1.4% කින් සහ 4.6%කින් වැඩි වී තිබෙනවා.
වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් 12%ක් වූ තේ අපනයන ආදායම නොවැම්බර් මාසයේදී වාර්ෂිකව 4.72%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 118.15ක් විය.
මාසික විශ්ලේෂණයකදී, 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේදී පොල් ආශ්රිත නිෂ්පාදනවල අපනයන ආදායම 13.08% කින් ඉහළ ගොස් තිබෙනවා.
තවද, 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම 38.04% කින් ඩොලර් මිලියන 141.39 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඊට අමතරව, සැපයුම් සහ ප්‍රවාහන සේවාවන්හි ඇස්තමේන්තුගත වටිනාකම 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 162.34 දක්වා 21.09% කින් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂාවයි.
source :- https://tinyurl.com/ydr46wku







