නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ රොහින්ග්‍යා සරණාගතයින් 103 දෙනා මුලතිව් පිහිටි ගුවන් හමුදා කඳවුර වෙත තාවකාලික රැඳවීම සඳහා යොමුකර තිබෙනවා.

අධිකරණ නියෝග මත ඔවුන් මිරිහාන පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබුණා.

එහෙත් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථාන තුළ ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැතිවීම හේතුවෙන් රොහින්ග්‍යා සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ළමයින් 25 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු ඇතුළු සරණාගතයින් 103 දෙනෙකු බහුදින ධීවර යාත්‍රාවකින් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට යමින් සිටියදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

source :- https://tinyurl.com/bdd2ywyd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here