රට තවමත් බංකොළොත්භාවයේ පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු  අමාත්‍ය මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව සඳහන්කර සිටියේ ඊයේ (23) සලකුණ වැඩසටහනට සහභාගී වෙමින්.

එහිදී හිටපු අමාත්‍යවරයා සඳහන්කර සිටියේ ශ්‍රී ලංකාව ලබා ගත් ණය තවමත් ගෙවා නොමැති බවත් අදාළ රේටින් ආයතන ශ්‍රී ලංකාවට ණය ගෙවීමට හැකි බවට සංඥාවක් ලබා දී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.

”මේ රජය, මේ ආණ්ඩුවට විශාල ජනවරමක් ලැබුණා. ඒ වගේම රට තාමත් තියෙන්නේ බංකොලොත්භාවයේ. අපි තාම ණය ආපහු ගෙවලා ස්ථාවර වෙලා නෑ. අපිට ඒ අදාළ රේටින් ඒජන්සිස් අපිට ණය ගෙවීමේ හැකියාවක් තියෙන බවට සංඥාවක් දීලා තියෙනවා. නමුත් අපි තාම අප ණය ගෙවන්න එකඟතා ලියවිලි අත්සන් කරන්න ගිහිල්ලා නැහැ. පසුගිය සැප්තැම්බර් දාසය තමයි ඒක වුණේ. මේ රජය කරපු එකක් නෙවෙයි. ඇත්තටම පසුගිය රජය කාලයේ ඇති කරගත්ත එකඟතාවය මත තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තව බොහෝ කලක් අපිට ඉදිරියට යන්න තියෙනවා. ඉතින් ඒ දෙස අපි බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න ගමන් අපි ධනාත්මක විවේචනයක් ඉදිරිපත් කරමින් මේ යන ගමන ගැන බලනවා. මොකද මේ අපේ රට. අපි මේ රට දාලා යන්නේ නැහැ. ඉතින් අපි මේ රට වෙනුවෙන් සටන් කළ මිනිස්සු. ඉතින් ඒක නිසා රටේ ජනතාවගේ විශේෂයෙන් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි අනාගතයේ කළ හැකි දෑ පිළිබඳව යම් යම් ධනාත්මක යෝජනා ඉදිරිපත් කරනවා”

source :- https://tinyurl.com/54ay4sjy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here