මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත මෙරට අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, මහ බැංකුවේ නිලධාරීන් සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් ද එක්ව සිටියා.

අමාත්‍යාංශ, නියාමන ආයතන, නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන ඇතුළුව, පාර්ශවකාර ආයතන 24ක් සඳහා සම්පාදනය කර ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතියලත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව මෙහිදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් අවධාරණය කර තිබෙනවා.

මෙම සැලසුම් සමඟ පූර්ණ අනුකූලතාව සහතික කිරීම සඳහා කැපවූ කණ්ඩායම් පත් කරන ලෙසත් එහි ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

source :- https://tinyurl.com/2ssme4ne

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here