
දේශීය සහල් තොග නිසි පරිදි නොලැබීම හේතුවෙන් මරඳගහමුල සහල් වෙළෙඳුන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.
මරඳගහමුල සහල් තොග වෙළද සංගමයේ සභාපති බී.කේ. රංජිත් පැවසුවේ අලෙවිසැල් 56 කින් සමන්විත මරඳගහමුල සහල් අලෙවි මධ්‍යස්ථානයේ අද වනවිට ක්‍රියාත්මක වන්නේ සහල් අලෙවිසැල් 4ක් පමණක් බවයි.
මේ අතර, රජය ආනයනය කරන මෙට්‍රික් ටොන් 5,200ක පළමු සහල් තොගය මේ මස 24 වැනිදා දිවයිනට රැගෙන එන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

රට තුළ පවතින සහල් හිඟයට විසදුමක් ලෙස පසුගිය 04 වනදා සිට සහල් ආනයනයට අවසර ලබා දුන් අතර අද පෙරවරු 9.30 වන විට පෞද්ගලික අංශය ආනයනය කර තිබූ සහල් මෙට්‍රික් ටොන් 40, 500ක් පමණ රේගුව නිදහස් කර තිබෙනවා.
ඉන් මෙට්‍රික් ටොන් 17, 500 ක් කැකුලූ සහල් වන අතර, ඉතිරි මෙට්‍රික් ටොන් 23,000 නාඩු සහල් බවයි රේගුව ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, වෙළදපොලේ කැකුලූ සහල් හිඟය තවදුරටත් උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර සහල් සම්බන්ධ වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
එහි වැඩ බලන අධ්‍යක්ෂ තිලකරත්න බණ්ඩා කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ ගතවූ දින 10 තුළ දිවයින පුරා සහල් වැටලීම් 578 ක ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.
source :- https://tinyurl.com/3uxkn7c9








