
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර 08ක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
මේ අතර පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ලබන මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කිරීමත් සමග එම දිනයෙන් පසු ව්‍යවසායකයින්ට සහන සැලසීම සම්බන්ධයෙන් ද මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබුණා.
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර 08ක් මගින් දේශීය බැඳුම්කර විකල්පය යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා රුපියල්වලින් නාමකරණය කරන ලද මෙම නව භාණ්ඩාගාර බැඳුම්කර 08න් 07ක නිකුතු දිනය 2024 සැප්තැම්බර් 15 වනදා වන අතර
එක් බැඳුම්කරය නිකුතු දිනය 2024 මාර්තු 15 වනදා ලෙස දැක්වෙනවා.
2036 වසරේ සිට 2043 වසර දක්වා කල් පිරෙන පරිදි ඒවා වර්ගීකරණය කර තිබෙන අතර සියලු බැඳුම්කර රුපියල් මිලියන 19,466.1 ක වෙන් කළ මුදලකින් සමන්විතයි.
source :- https://tinyurl.com/at34tyt7







