ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වන විට සාකච්ඡාවල නිරතව සිටින බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා නිලවශයෙන් පිලිගැනීමේ උත්සවය අද උදෑසන රාශ්ට්‍රපති භවන් හීදී පැවැත්වුණා.

ඒ, ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ආශ්වාරෝහකයින් සමග රාශ්ට්‍රපති භවන් වෙත පැමිණි ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ ඉන්දීය ජනපතිනි ද්‍රෞපදි මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින්. අනතුරුව තුර්ය වාදක කාණ්ඩායම් සංගීතය මැද දෙරටේ ජාතික ගී ගායනය සිදු කෙරුණා.

අනතුරුව හමුදා ආචාර මැද ජනාධිපතිවරයා ගමන් කළේ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙතටයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉන්දීය ජනපතිනි ද්‍රෞපදි මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මින් අනතුරුවයි.

source :- https://tinyurl.com/4wrf8cpy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here