යාපනයේදී මී උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙකු ඊයේ (15) යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, දින පහක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වූ කිරුබාකරන් ක්‍රිෂන්තන් නැමති තරුණයෙක්.

ප්‍රථමයෙන් උණ රෝගය වැළදීමෙන් පසුව ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී කෝමා තත්ත්වයට පත්වීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මිය ගොස් තිබෙනවා.

ඔහු පසුගිය කාලයේ කුඹුරු වැඩ වලට උදව් කළ අයෙකු බවයි පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ.

කරවෙඩ්ඩි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

මේ වන විට මී උණ රෝගය හේතුවෙන් යාපනයේ පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

source :- https://tinyurl.com/2vyu4pdp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here