ගොඩකවෙල – බිසෝකොටුව ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් වයස අවුරුදු 82ක කාන්තාවකට ඇයගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (15) ඝාතනය කර ඇති බව ගොඩකවෙල පොලිසිය පවසනවා.

ඒ අනුව, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන අතරතුරදී ඊයේ උඩවලව – ගුරු මඩයාය ප්‍රදේශයේදී සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 54ක් වූ ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/bdrcxuhh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here