ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රි ලංකා භූමිය යොදා ගැනීමට කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ව්‍යවස්ථා සංශෝධනයේදී දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.

එම අවස්ථාවේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙරට සංචාරය කරන ලෙසටද ඇරයුම් කළා.

source :- https://tinyurl.com/yc5zhkx8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here