
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම මීට මොහොතකට පෙර සිදුකෙරුණා.
ඒ අනුව, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සිවිල් පරිපාලකයින් පුහුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකුයි මෙලෙස පාර්ශ්ව දෙක අතර හුවමාරුකරගනු ලැබුවේ.
ඒ දෙරට නියෝජනය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

ඉන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ දෙරටේ රාජ්‍ය නායකයින් දෙරටේ ද්වීපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව අදහස් දක්වනු ලැබුවා.
එහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිට මෙරට සංචාරයක නිරත වන ලෙසද ආරාධනා කළා.
source :- https://tinyurl.com/3bmb7a72








