
අමෙරිකාවේ තේරිපත් වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ස්ත්‍රී දුෂණයකට වගකිව යුතු බවට“ අමෙරිකානු ඒ බී සී මාධ්‍ය ජාලය සිදුකළ අසත්‍ය ප්‍රකාශය මුල්කරගත් අපහාස නඩුව සමථයකට පත්කිරීම සඳහා ඩොලර් මිලියන 15ක මුදලක් ගෙවීමට එම මාධ්‍ය ජාලය එකඟතාවය පළකර තිබෙනවා.
මේ අනුව, මෙම නඩුවේ බේරුම්කරණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ජනාධිපති අරමුදලක වෙත යොමු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, තවත් ඩොලර් මිලියනයක මුදලක් අමෙරිකානු ඒ බී සී මාධ්‍ය ජාලය විසින් ට්‍රම්ප්ගේ නඩු ගාස්තු වෙනුවෙන් ගෙවීමට ද එකඟ වී තිබෙනවා.

source :- https://tinyurl.com/tzfhfz3j








