
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් රැස්කිරීම ලබන (17) වැනිදා ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව, ජනවාරි (08) දක්වා මේ සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි එම කොමිසම පවසන්නේ.
මේ සඳහා ක්‍රමවේද කිහිපයක් ඔස්සේ, ජනතාවට අදහස් ඉදිරිපත් කිරීමේ හකියාව පවතිනවා.

info@pucsl.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් සහ 076 427 10 30 අංකයට WhatsApp හරහා එසේ අදහස් යොමුකළ හැකියි.
මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමින් වෙන්කර තැබෙන ස්ථානවලදීද අදහස් ඉදිරිපත් කළ හැකි වන බවයි මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ.
එළැඹෙන නව වසරේ මුල් මාස 6 තුළත් විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යා යුතු බවයි විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.
මේ අනූවයි එම යෝජනාව, කොමිසම විසින් සමාලෝචනයට ලක් කොට තිබෙන්නේ.
අනතුරුව එම ප්‍රතියෝජනා කෙටුම්පත, මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
source :- https://tinyurl.com/48wfsf3u







