ලොව ජනප්‍රිය ChatGPT නිර්මාණකරුවාවන OpenAI ආයතනය තුළ සේවය කළ බලාජි නම් තරුණයෙකුගේ සිරුර අමෙරිකාවේ මහල් නිවාසයක තිබී පසුගිය නොවැම්බර් 26වනදා සොයාගනු ලැබුවා.

එම මරණය සම්බන්ධව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ආරක්ෂක අංශ සඳහන්කර ඇත්තේ, මෙම මරණය සියදිවි නසාගැනීමක් බවයි.

OpenAI සමාගමේ පරීක්ෂකයකු ලෙස සේවය කර ඇති බලාජි, අවුරුදු 26ක ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු තරුණයෙක්.

බාලාජි, මීට මාස 03කට පෙර ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.

ඒ OpenAI ආයතනයෙන් ChatGPT නිර්මාණය කිරීමේ දී අමෙරිකානු බුද්ධිමය නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවටයි.

ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග ඔක්තෝම්බර් මාසයේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී.

මේ අතර, OpenAI සමාගම අමෙරිකානු බුද්ධිමය නීතිය උල්ලංඝනය කරමින් ඩොලර් මිලියන 150කට වැඩි වටිනාකමක් වර්ධනය කරගෙන ඇති බවටද පසුව මාධ්‍යවේදීන් ඇතුළු පර්යේෂකයින් විසින් අණාවරනය කරනු ලැබුවා.

පසුව OpenAI සමාගමට නඩු පැවරීමක් සිදුකර ඇති අතර මියගිය බලාජි එම නඩුවේ වැදගත්ම සාක්ෂියක්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

OpenAI සමාගම ඉලෝන් මස්ක්ගේ නිර්මාණයක්.

source :- https://tinyurl.com/2p9fp3tt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here