කැලිෆෝනියාවේ – සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ ඇතැම් ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි පවතින බවයි.

එමෙන්ම, උතුරු සහ මධ්‍ය කැලිෆෝනියාවේ දෙලක්ෂ 21,000 කට වැඩි පිරිසක් සදහා විදුලිය ද විසන්ධි වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මීට පෙර කැලිෆෝනියාවේ උතුරු වෙරළෙහි ඇති වූ රික්ටර් මාපක හතයි දශම බිංදුවක භූකම්පනය හේතුවෙන් නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමෙන් සතියකට පසුව මෙලෙස ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබීම විශේෂත්වයක්.

source :- https://tinyurl.com/bpeucw3c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here