
සිරියාවේ මනුෂ්‍ය ඝාතකාගාරය ලෙස නම්කර ඇති කුපක්‍රට සෙඩ්නායා සිරකඳවුර සම්පුර්ණයෙන් වසා දමන බව හයාත් තරිර් අල්-ෂාමි හෙවත් HTS කැරලි කණ්ඩායමේ නායක අබු මෙහොමඩ් අල් ජවුලානි පවසනවා.
එමෙන්ම තමන් විසින් පෙරලා දැමු සිරියානු රජයේ හමුදාවද විසුරුවා හරින බවයි රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් මෙහොමඩ් අල් ජවුලානි පවසන්නේ.
මේ අතර කැරලිකාර කණ්ඩායම් විසින් බෂර් අල් අසාද්ගේ පියා වන දිවංගත හෆීස් අල් අසාද්ගේ සොහොන ගිනි තබා විනාශ කර තිබෙනවා.

බලයෙන් පහකළ සිරියානු ජනපති බෂර් අල් අසාද්ගේ පියා වන දිවංගත හෆීස් අල් අසාද්ගේ උපන් නගරය වන කර්දාහි ඔහුගේ සිරුර නිදන්කර තිබු සොහොන් ගෙයට කැරලිකරුවන් විසින් ගිනි තබා තිබෙනවා.
කැරලිකරුවන් විසින් සොහොන් ගෙය බිදදමා හෆීස්ගේ දේහය රැගත් මිනීපෙට්ටිය ඉවතට ඇද දමා ඊට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර සිරියාවේ කුප්‍රකට සෙඩ්නායා සිරකඳවුර සම්පුර්ණයෙන් වසා දැමීමට කටයුතු කරන බව හයාත් තරිර් අල්-ෂාමි හෙවත් HTS කැරලි කණ්ඩායමේ නායක අබු මෙහොමඩ් අල් ජවුලානි පවසනවා.
මෙම සිරමැදිරිය තුළ පුද්ගලයින් 60,000කට ආසන්න පිරිසක් විවිධ වද හිංසාවන්ට ලක්කර මරා දමා ඇති බවයි එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ.
මේ අතර තමා විසින් පෙරලා දැමු බෂාර් අල් අසාද් පාලනයේ හමුදාවන් විසිරුවා හැරීමට කටයුතු කරන බවද HTS කැරලි කණ්ඩායමේ නායක අබු මෙහොමඩ් අල් ජවුලානි පවසනවා.
සිරියානු පාලනය බිද වැටිමත් සමඟ ලටාකියා වරාය පරිශ්‍රයේ නැංගුරම් ලා තිබු රුසියානු යුද නැව් සියල්ල සිරියානු මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති බවට චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු වී තිබෙනවා.
source :- https://tinyurl.com/58ft4nm7








