
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණය ලබා දුන් නියෝගයක් වසර 8ක් පුරාවට පැහර හැර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කර තිබෙනවා.
අසභ්‍ය වීඩියෝ දර්ශන සන්තකයේ තබාගෙන අන්තර්ජාලය හරහා මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේ සැකකරුවෙකු 2016 වසරේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ ජංගම දුරකථනය සම්බන්ධයෙන් පරිගණක වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට අවස්ථා කිහිපයකදී අධිකරණය මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සිදුව වසර 8ක් ගත වී ඇති නමුත් අධ්‍යක්ෂකවරයා එම පරිගණක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොමැති වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නොතීසී නිකුත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එම ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම නඩුව ලබන මැයි මස 25 වැනි දින නැවත කැඳවීමට නියමිතයි.
source :- https://tinyurl.com/4cun6snu







